BREAKING NEWSEXCLUSIVEPOLITICS

එන්නත් නොගත් අය සොයා පොලිසිය කොළඹ පීරයි. ගෙවුන පැය 48ට 5000ට වැඩි පිරිසක්..

කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබානොගත් කොළඹ නගරය තුළ සිටින අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර අගෝස්තු 07 දිනයේ සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට එවැනි පිරිස් රැගෙන විත් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා.

ශ්‍රී ලංකා ප්‍රජා පොලිස් කමිටු මඟින් ඔවුන් සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර, එයට සෞඛ්‍ය බලධාරීන් හා කොළඹ මහනගර සභාවේ නිලධාරීන් ද සහයෝගය දක්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ වන විට 5,000කට වැඩි පිරිසක් ප්‍රජා පොලිස් කමිටුවල මැදිහත් වීමෙන් එන්නත්කරණය සඳහා සුගතදාස ක්‍රීඩාංගණයට රැගෙන විත් තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන දියත් කර ඇති අතර, කොළඹ සිටින එක් මාත්‍රාවක් හෝ ලබානොගෙන සිටින පුද්ගලයින් හැකි ඉක්මනින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button