BREAKING NEWSEXCLUSIVE

පාඨලීගේ බලපෑම් හේතුවෙන් සාක්ෂි වසන් කළා – අවසානයේ පොලීසිය පිළිගනියි

පසුගිය 2016 වසරේදී රාජගිරියේ සිදුවූ රිය අනතුර සම්බන්ධ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කරද්දී චම්පික රණවක එවකට ඇමතිවරයාගේ නම සඳහන් නොකරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් තමන්ට බලපෑම් එල්ල වූ බව එම පැමිණිල්ල සටහන් කර ගත් වැලිකඩ පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා පවසා තිබේ.

අදාළ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මේ බව සදහන් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා තිබේ.

එම කොස්තාපල්වරයෙකුට පවසා ඇත්තේ වැලිකඩ පොලීසියේ ඉහළ පොලිස් පරීක්ෂකවරයෙක් දැනුම් දීම මත තමන් එසේ කල බවය.

මේ අනුව ඉතා නුදුරේදීම ඉහල පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා සඳහන් කළේය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් එවකට කොළඹ දිසාව භාරව සිටි දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස්පති පූජිත ජයසුන්දරද වන බවද ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම නියමිත බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button