BREAKING NEWSEXCLUSIVE

පොලීසියේ අතපසුවීමකින් ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට සිදු වූ අසාධාරණයක්

ඉකුත් පෙබරවාරි මස 14 වෙනිදා පැවති ආදරවන්තයින්ගේ දිනය දා කොළඹ පාර්ක් වීදියේ පිහිටි කැෆේ ෆැර්න්සිස් ආපන ශාලාවේ හිමිකරු වන ජෝන් නමැති ප්‍රංශ ජාතිකයා විසින් සිදුකරනු ලැබූ පහරදීමකින් ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා තුවාල ලබා තිබෙනවා.

ඒ, එම ආපන ශාලාවේ හිමිකරු විසින් ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ පෙම්වතියට නොමනා අයුරින් සිදුකළ හස්ත සංඥාවක් නිසා ඇතිවූ බහින්බස් වීමක් මුල් කර ගනිමින්.

ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සිය පෙම්වතිය සමග ආහාර ගනිමින් සිටියදී එම ස්ථානය අසලට පැමිණි “ජෝන්” නමැති අවන්හල් හිමිකරු සභාපතිවරයාගේ පෙම්වතියට හස්ත සංඥාවෙන් තමන් සමග යහන්ගත වීමට එන්නැයි ආරාධනා කර ඇත.

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා එය සියැසින්ම දැක ඇති බැවින් ඔහු ආපන ශාලාවේ හිමිකරුගෙන් විමසා ඇත්තේ එවැනි ක්‍රියාවක් සිදුකලේ ඇයිද යන්නයි? ඒ සමග අදාළ ආපන ශාලාවේ හිමිකරු ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඔහුගේ මුහුණට පහරක් එල්ල කර ඇත.

එල්ලවූ පහරින් ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ වම් ඇස අසල තුවාල වූ ඔහු තමන්ට සිදුවු ආසාධාරණය ගැන කොම්පඤ්ඤ විදිය පොලිසියට ඒ අවස්ථාවේදීම ගොස් පැමිණිල්ලක් සිදුකර ඇත්තේ රෝහල්ගත වීමටද පෙරය.

ඒ අවස්ථාවේදී පොලිසියේ පැමිණිල්ල සටහන් කර ගත් පොලිස් නිලධාරියා ඔහුගේ වෘත්තීය සම්බන්ධයෙන් විමසීමේදී තමන් ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පැහැදිලිව ප්‍රකාශ කර සිටියදී එම නිලධාරියා විසින් එය පොලිස් පොතේ සටහන් කරගෙන ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසයි.

කෙසේ හෝ 14 වෙනිදා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පසුදින දහවල් ඉන් පිටතට පැමිණෙන අවස්ථාවේදී කොම්පඤ්ඤ විදිය පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ ඔහුට ප්‍රකාශ කර ඇත්තේ පැමිණිල්ල විභාග කිරීමට අවශ්‍ය බැවින් පොලිසියට පැමිණෙන ලෙසයි.

නීතිගරුක පුරවැසියෙක් වශයෙන් ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා කොම්පඤ්ඤ විදිය පොලිසියට එම නිලධාරීන් සමග තම වාහනයෙන්ම ගොස් ඇති අතර එහිදී ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිය වෘත්තීය ලෙස “ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා” ලෙස පෙනී සිටිමින් පොලිසියට සාවද්‍ය ප්‍රකාශයක් සිදුකළ බව පවසමින්ය.

තමන් කිසිවිටකත් සිදුනොකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වික්ෂිප්ත වූ ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සිදුවූ පහරදීම සහ සිය පෙම්වතියට ලිංගිකව හිරිහැර කිරීමේ සිද්ධිය පසෙකලා පොලිසිය මේ අයුරින් ක්‍රියා කරන්නේ කුමන හේතුවක් මතද යන්න ගැනයි.

තමන්ට පහරදි සිය පෙම්වතියට ලිංගික ඇසුරකට ඇරයුම් කළ ආපන ශාලාවේ හිමිකරු ඒ වන විටත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නොතිබූ අතර ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ නීතිඥයින් පැමිණ පොලිසියෙන් ඒ සම්බන්ධයෙන් විමසීමෙන් පසුව අදාළ ආපනශාලා හිමිකරු වන ප්‍රංශ ජාතිකයා පොලිසියට කැඳවා ගෙන ඒමට කොම්පඤ්ඤ විදිය පොලිසිය ක්‍රියා කර ඇත.

තමන් ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පැහැදිලිවම ප්‍රකාශ කර සිටියදී පොලිසිය විසින් හිතාමතාම ඉන්දීය යන වචන පොලිස් පැමිණිල්ලේ සටහන් කර නොගෙනම තමන් සිදුනොකළ වරදකට හසුකර ගැනීමට කොම්පඤ්ඤ විදිය පොලිසිය ක්‍රියාකර ඇත.

පොලිසිය සිය පොලිස් පැමිණිල්ලේ සටහන් කර ගෙන ඇත්තේ ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය යනුවෙන් වන අතර ලංකාවේ එවැනි ආයතනයක් නොමැති බව බොරු චෝදනා එල්ල කළ පොලිසිය නොදැන සිටීම හාස්‍යජනක සිදුවීමකි.

එසේ තිබියදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මෙම සිද්ධියේ පැමිණිලිකරු පෙනී සිටිය බව කියමින් කොම්පඤ්ඤ විදිය පොලිසිය චෝදනා කරන්නේ කුමන පදනමක් නිසාද යන්න ගැටළු සහගතය.

වාර්තා වන පරිදි කැෆේ ෆැර්න්සිස් ආපන ශාලාවේ හිමිකරු විසින් පොලිසියට විශාල වශයෙන් සන්තෝසම් පිරිනමන අයෙක් බවට ප්‍රසිද්ධියක් උසුලන අයෙක් බවත් ඒ සඳහා ඔහු රුපියල් දස දහස් ගණනින් මුදල් වියදම් කරන බවයි වාර්තා වන්නේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු සියලු බලධාරීන්ගේ අවධානය යොමුකළ යුත්තේ ශ්‍රී ලංකා – ඉන්දීය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා යනු හුදෙක් සාමාන්‍ය සිවිල් වැසියෙක් නොවන බැවින්ය. ඒ ඔහු නියෝජනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ආයෝජන රැගෙන ඒමේ ක්‍රියාවන් නිසා බැවින්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button