BREAKING NEWSEXCLUSIVE

පිරිස් බලය පෙන්වා රාජ්‍ය නිළධාරීන්ට තග දැමූ නවීන්ට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

සිය ආධාරකරුවෙකු විසින් සංවේදි පරිසර කලාපයක් විනාශ කරමින් පවත්වාගෙන යන අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට පැමිණි රාජ්‍ය නිළධාරීන්ට තර්ජනය කරමින් බාධා කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායකට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

ඒ රජයේ නිළධාරියෙකුට රාජකාරියට බාධා කිරීම චෝදනා එල්ල කරමිනි. වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම පැමිණිල්ල කර ඇත්තේ සිංහලේ සංවිධානය විසිනි.

පසුගියදා නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි තාවකාලික අවන්හලක් ඉවත් කිරීමේදී එම ස්ථානයට කඩා වැදුනු නවීන් දිසානායක මන්ත්‍රීවරයා පොලීසියට සහ පරිසර නිළධාරීන්ට තර්ජනය කරමින් සිය දේශපාලන සහචාරයාගේ අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට එරෙහිව සිය බලය අවභාවිතා කරනු දැක ගත හැකිවූවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button