BREAKING NEWSEXCLUSIVE

“මිනිසුන් මෙතරම් පහත්ද?’ දුෂ්කර ගමක ප්‍රාථමික විදුහලක ළිඳට වස දමලා

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක් වන වඩුමුන්නේගෙදර ප‍්‍රාථමික විද්‍යාලයේ ළිඳට විස ද්‍රව්‍යයක් දමා තිබීම ප්‍රදේශයම කම්පා කරවීමට සමත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පුළුල් පරීක්ෂණයක් පන්නල පොලීසිය විසින් අරඹා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු මෙයට සම්බන්ධ නොමැති බවට තොරතුරු දැනගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැර ඇති බවද සඳහන් වේ.

රසපරීක්ෂක වෙත යොමුකළ අදාල ළිඳෙහි ජල සාම්පල්වල වාර්තාව ලැබීමෙන් පසු ළිඳට දමා ඇත්තේ කුමන ද්‍රව්‍යයක්ද යන්න පිළිබඳ තොරතුරු ලබාගැනීමට හැකි බවත් ළිඳෙහි ජලය ඉවත් කළද මේවනවිටත් එම ජලයේ දුර්ගන්ධය සහ පැහැයේ වෙනස තිබෙන බවද පොලීසිය පවසයි.

දැනට පවතින තත්වය පිළිබඳව අදහස් දක්වන විද්‍යාලයේ විදුහල්පති ජී.ආර්. මුණසිංහ ප්‍රකාශ කළේ

“පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එකතුවෙලා ළිදේ වතුර ඉවත්කළා. නමුත් නැවත එන වතුරත් පෙරසේම දුගඳයි. වර්ණය වෙනස්. පාවිච්චියට ගන්න බහැ. දැනට දරුවන්ගේ පරිහරණයට පන්නල ප‍්‍රාදේශීය සභාවෙන් ජලය ලබාදෙනවා. නමුත් ගහකටවත් මල් පැලයකටවත් දාන්න විදිහක් නැහැ. කවුරු කෙරුවත් මේක පහත් ක‍්‍රියාවක්. දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවත් අපිට දැන් බයයි. දෙමාපියන් පොලිස්ථානය නිරතුරුවම සෝදිසියෙන් සිටිනවා. මේ ක‍්‍රියාව කළ පුද්ගලයා කවරකු වුවත් ඔහුට නීතියෙන් දැඩි දඬුවම් ලබාදිය යුතුයි.” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button