EXCLUSIVEPOLITICS

දුස් තොරතුරු අවම කිරීමට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නව ඒකකයක්

දුස් තොරතුරු අවම කිරීමට ජනාධිපති මාධ්‍ය අංශයේ නව ඒකකයක් ආරම්භ කෙරුණා.

ඊයේට(28) යෙදී ඇති තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් නව ඒකකය ආරම්භ කෙරුණා.

දුස් තොරතුරු නිර්මාණයවීම අවම කිරීමෙන් ජනජීවිතය වඩා යහපත් කිරීම අරමුණු කරගනිමිනුයි නව ඒකකය ආරම්භ කිරීමට කටයුතු කෙරුණේ.

මාධ්‍යයේ පල වන ජනතා ගැටලු යටපත් වී චේතනාන්විත දුස් තොරතුරුවලට වැඩ ඉඩක් ලැබී ඇති බව පසුගිය දිනවලදී නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව චේතනාන්විත දුස් තොරතුරු හඳුනාගෙන සත්‍ය ජනගත කිරීම නව ඒකකය මගින් සිදු කෙරෙනු ඇති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button