ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNS

අගමැති මහනුවරට

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ දළඳා සමිඳුන් වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා දළඳා වහන්සේගේ තේවාව භාරව කටයුතු කරන අස්ගිරි පාර්ශවයේ අනුනායක ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනාහිමියන් බැහැදුටු බවයි.

අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

පසුව අස්ගිරි විහාරයට ගොස් ඇති අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

එසේම, අග්‍රාමාත්‍යවරයා පසුව පේරාදෙණිය – ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් එහි විහාරාධිපති රාමඤ්ඤ මහානිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය කැප්පිටියගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක තිබෙනවා.

මෙහිදී මහවැලි ගගට යාවන ගැටඹේ බෝධියේ පැතිබැම්ම ප්‍රතිසංස්කරණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුවී ඇති අතර, අග්‍රාමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ යුද හමුදා සහය ඇතිව එම පැතිබැම්ම ඉදිකරන ලෙසටයි.

මේ අතර, අස්ගිරි මහා විහාර පිරිවෙන වෙතට ගිය අග්‍රාමාත්‍යවරයා එහි පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button