BREAKING NEWSEXCLUSIVE

“සිංහලයා මෝඩයා කියූ යුගය අවසන් – නොවෙම්බර් 16 සිට මේක සිංහලයාගේ රට‍යි” අගමැති මහින්ද සිංහල අභිමානය පෙන්වයි

ශ්‍රී ලංකාව වාසය කරන සියලුම ජාතීන්වල නිදහස තහවුරු කරන්නෙ මෙරට මහජාතිය වන සිංහල ජනතාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති භික්ෂූන් වහන්සේලා පන්දහසක් නමකට පාලි ත්‍රිපිටකය, සම්පූර්ණ අත්ත කතා, පාලි සිංහල ශබ්දකෝෂය ඇතුළු තවත් පොත්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත ටැබ් පරිගණක බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

“පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිහා බැලුවම පේනවා බෞද්ධකමට හා පොදුවේ සිංහලකමට විරුද්ධ මෙහෙයුම් කොයිතරම් බලගතු විදියට ක්‍රියාත්මක වුණා ද කියල. රටට එරෙහි බලවේග ඒ දරපු උත්සහය සාර්ථක වුණානම් සිංහල ජාතියට අත්වන ඉරණම කුමක් ද කියන එක ගැන අපි සියලු දෙනාම හොඳින් කල්පනා කරලා බලන්න ඕන.

මේ අභියෝග වලින් අපි තවත් ශක්තිමත් වෙන්න ඕන. මහාවංශයේ සඳහන් වෙන විදියට වලගම්බා රජ්ජුරුවන්ගෙ කාලෙ පාලි ත්‍රිපිටකය ලේඛනගත කෙරුවෙත් නිර්මල ථේරවාද බුදුදහමට එල්ල වුණු අභියෝගයක් නිසා. එදා ඒ සිදු වුණු ලේඛණගත කිරීම නිසා තමයි අද අපි මහ ලෝක උරුමයක ආරක්‍ෂකයන් බවට පත් වෙලා ඉන්නෙ. ඉතිං අභියෝග කියන්නෙ නරක දෙයක්මත් නොවෙයි. ඒකෙන් තමයි ජාතියක් පන්නරය ලබන්නෙ. අපි පහුගිය අවුරුදු පහේදි අත්දැකපු දේවල් නිසා, අපේ ජාතික හැඟීම් තවත් ශක්තිමත් වුණා.

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියපු ඒ යුගය පහුගිය නොවැම්බර් 16 වෙනිදා අවසන් වුණා. අතිපූජ්‍ය මහ සංඝරත්නය එහි දී මූලිකත්වය ගත්ත ආකාරය ගැන මම මෙතන අලුතින් කියන්න ඕන නැහැ. මහා සංඝරත්නයේ ඓතිහාසික කාර්යභාරය ඉහළින්ම සිදු වුණු බව විතරක් මම කියන්නම්. බෞද්ධ ශාසනය රැක ගැනීම සිංහල ජාතිය රැක ගැනීම, රටේ ඒකීයභාවය රැක ගැනීම කියන මේ සියල්ල එකට බැඳුණු දේවල්. අපේ ඉතිහාසය තුළ ඉතාමත්ම පැහැදිළිව පේන්න තියෙන කාරණය තමයි සිංහල බෞද්ධයා රැකුණොත් තමයි සෙසු ආගම්වලටත් මේ රටේ ආගමික නිදහස රැකෙන්නේ කියන එක. මේ රටේ වාසය කරන සියලුම ජාතීන්වල ජනතාවගේ හා සියලුම ආගම්වල නිදහස තහවුරු කරන්නෙ සිංහල බෞද්ධ ජනතාවයි.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button