BREAKING NEWSEXCLUSIVE
නව නීතියක් – ඉදිරියේදි බස් රථ වල ප්‍රචාරය කළ හැක්කේ රජයෙන් අනුමත සුභාවිත ගීත පමණයි

පෞද්ගලික බස් රථවල ප්‍රචාරය කෙරෙන ඝෝෂාකාරී සංගීතමය වැඩසටහන් ලබන ජනවාරි 01 දා සිට අහෝසි කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ.
ඒ වෙනුවට එම කොමිසම විසින් හඳුන්වා දෙන සුභාවිත ගීත පමණක් වාදනය කළ යුතු අතර බස් රථ කොන්දොස්තරවරුන් සහ රියැදුරන් ධනාත්මක සිතිවිලිවලට යොමු කරන වැඩපිළිවෙළක්ද මෙමඟින් හඳුන්වා දීමට නියමිතය.
එම හඳුන්වා දෙන ගීත තැටි එළඹෙන 31 දා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා විසින් බෙදාදීමට නියමිතය.