BREAKING NEWSEXCLUSIVE

2023 වන විට බස්නාහිර සියලු රූපවාහිනී ඩිජිටල්කරණය කිරීමට සැලසුම්..

2023 වසර මැදවන විට බස්නාහිර පළාතේ රූපවාහිනී ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බවත් ඒ ඔස්සේ වඩාත් ලාභදායී ක්‍රමයට පැහැදිළි රූපවාහිනී දර්ශන ලබා දීමට හැකි වන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ලෝකයේ ඇනලොග් තාක්ෂණය පැමිණ වසර 42ක් බවත් , 2000 වසරේ මෙරටට ඩිජිටල් තාක්ෂණය පැමිණි බවත් 2014වසරේ සිට රූපවාහිනිය ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹූවද එය සාර්ථක කර ගැනීමට නොහැකි වූ හෙයින් ඒ අනුව මෙම ව්‍යාපෘතිය පසුගිය දෙසැම්බර් මාසයේ නැවත ආරම්භ කළ බව අමාත්‍යවරයා කියා සිටියා.

නෙළුම් කුළුණ කේන්ද්‍ර කර ගනිමින් තවත් පරිවාර කුළුණු 16ක් ඉදිකර වසර 2025 වන විට ශ්‍රී ලංකාවේ රූපවාහිනී ඩිජිටල්කරණය කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.

එමෙන්ම මෙරට ජනතාවට 225 ඉලක්කම සම්බන්ධයෙන් අසුබවාදී මතයක් තිබෙන බවත් ,සාමූහිකව පාර්ලිමේන්තුවේ උත්තරිතර භාවය රැකගැනීමේ වගකීම පක්ෂ හෝ විපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙපක්ෂයටම ඇතැයි බවද මේ බව අවබෝධ නෙකරගතහොත් රටේ නව පරම්පරාව මෙම දේශපාලනයෙන් විතැන් වීම වැළැක්විය නොහැකි බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button