BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාර්ලිමේන්තුවට එන මැති ඇමතිවරුන්ගේ ශරීර ස්පර්ශ පරීක්ෂාවකට

පාර්ලිමේන්තුවට ප්‍රවේශවීමේදී මින් ඉදිරියට මන්ත්‍රීවරුන් ඇතුළු සියළු දෙනාගේ ශරීර ස්පර්ශ කර පරීක්ෂාවට ලක් කරන ලෙස කථානායකවරයා දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායක රැස්වීමේදී එම තීරණයට එළඹි බවට වන ලිපියකින් මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, එය පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයා ගත් තීරණයක් බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එහිදී කියා සිටියා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න නැගූ වාචික පැණයකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පිළිතුරු ලබා දුන් අතර, එහිදී ඔවුන් දෙදෙනා අතර උණුසුම් කථාබහක් හට ගත්තා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button