BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සතියක් ගෙදර ඉන්න – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලයි

ලබන සදුදා සිට නිවසේ සිටිමින් ස්වයං සංචරණ සීිමා පනවා ගෙන කටයුතු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.

වෛරසයේ ව්‍යාප්තිය වැඩි වි ඇති නිසා ජනතාවට සේවය සැපයිමට සිටින මහජන සෞඛ්‍ය පරික්ෂණකවරුන් ප්‍රමාණවත් නොවන බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළා.

රෝහල් දැඩි සත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය කරන ඔක්සිජන් සතියකට මෙටි්‍රක් ටොන් 100 බැගින් ඉන්දියාවෙන් ඇණවුම්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මේ බව කියා සිටියේ කොරෝනා පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යශය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවති හමුවකට එක්වෙමින්.

ඔක්සිජන් ගෙන්වන පළමු ඇණවුම මේ වනවිටත් ඉන්දියාව වෙත ලබා දී ඇති බවත්  අවශ්‍ය වුවහොත් සිංගප්පූරුවෙන් ද ඔක්සිජන් ආනයනය කිරීමට අවදානය යොමු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මෙම හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ඇතැම් මාර්ගෝපදේශ නීතියක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව මෙම හමුවේදී සෞඛ්‍ය ඇමතිනිී පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button