PHI ලොක්කාගෙන් යළිත් අනතුරු ඇඟවීමක්..!

නැවත පාසල් විවෘත කිරීමෙන් පසුව, ප්‍රාථමික ශ්‍රේණී සහ අනෙකුත් ශ්‍රේණීන් වලින් ආසාදිත පාසල් දරුවන් වාර්තා වීම ඉහළ යමින් තිබෙන බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා පවසනවා.
ඬේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරන්නේ පාසල් දරුවන්ට අමතරව, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල තුළින්ද ආසාදිතයන් වාර්තා වන බව ඔහු ප්‍රකාශ කරන බවයි.
කෙසේ වෙතත්, මේ දක්වා බරපතල රෝගියෙකු දරුවන් අතරෙන් වාර්තා වී නැති බවද ඔහු පවසනවා. සමාජය තුළ රෝගීන් සිටින බවත්, ඔවුන් රෝගීන් බව නොදන්නා බවත්, එවැනි පවුල්වල දරුවන් පාසල් වෙත පැමිණීමෙන් අනෙක් දරුවන්ටද වෛරසය ආසාදනය වන බවත් ඔහු වඩිදුරටත් සදහන් කර සිටිනා.
වසංගතය පාලනය සදහා ගත යුතු මූලික සෞඛ්‍යමය කි‍්‍රයාමාර්ග වන මුව ආවරණ පැළදීම සහ නිතර දෑත් සේදීම සදහා දරුවන් යොමු කළ යුතු බව ඔහු දැඩිව පවසා තිබෙන බව ඩේලි මිලර් වෙබ් අඩවිය උපුටා දක්වමින් සදහන් වනවා.