ආණ්ඩුවට කොළේ වහලා තෙල් සංස්ථා සේවකයෝ රුපියල් කෝටි 35ක ඕ.ටී. අරන්…

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) හා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී.පී.එස්.ටී.එල්.) සේවකයන් සඳහා මසකට අතිකාල දීමනා වශයෙන් රුපියල් කෝටි 32ක් ඉක්මවා යන නවතම ගණනය කිරීම්වලදී අනාවරණය වී තිබේ.
මේවන විට බරපතළ පාඩුවක් ලබන තෙල් සංස්ථාව එහි සේවකයන්ට මේසා විශාල අතිකාල දීමනා ගෙවීම සම්බන්ධයෙන් වන නවතම වාර්තා විෂය භාර ඇමැති මහින්ද අමරවීර මහතාට යොමුකර ඇතැයිද සඳහන්.
මෙම ආයතන දෙකෙහි සේවකයන් 6110ක් සිටින අතර තෙල් සංස්ථාව සේවකයන් 2860ක් ද, තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි සේවකයන් 3250ක් ද සිටී.
තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ට පසුගිය මාසයෙහි සියලු දීමනා සහිතව ගෙවා ඇති වැටුප රුලියල් දහතුන් කෝටි එකොළොස් ලක්ෂයක් වන අතර එම මාසයේම එම සේවකයන්ට ගෙවා ඇති අතිකාල දීමනාව රුපියල් දහතුන්කෝටි දොළොස් ලක්ෂය ඉක්මවා තිබේ.
තෙල් සංස්ථා සේවකයන් කෝටි 17ක අතිකාල ලබාගන්නා බවට මීට පෙර මාධ්‍ය මගින් හෙළිදරව් කළ ද අලුත්ම වාර්තාවන්ට අනුව එය කෝටි 35 ඉක්මවා ගොස් ඇත.