ජොන්ස්ටන්ගෙන් පෙත්සමක්..

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ, පසුගිය මැයි මස 9 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර “ගෝඨාගෝගම” අරගලවලට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් තමාව නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර ඇති බවයි.
ඊට අදාළව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබූ තිබෙන බවද ඔහු පවසනවා.
නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ම සැකකරුවකු වශයෙන් නම් කොට අත්අඩංගුවට ගැනීමට සූදානම වන අතර එය නීතියට පටහැනි බව ඔහු කියා සිටියේ.
එබැවින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.