BREAKING NEWSEXCLUSIVE

ගෝඨාභයට එරෙහි එජාප සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ පෙත්සමට දින දෙයි

හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කළ තවත් පෙත්සමක් සළකා බැලීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනෙකු වන ගාමිණි වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගාමිණි වියන්ගොඩ හා චන්ද්‍රගුප්ත තේනුවර ගොනුකර ඇති එම පෙත්සම ලබන මස 02 වන දා පෙරවරු 9.30ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button