BREAKING NEWSPOLITICS
ගෝඨාට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනටත් ඇරඹේ

ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනුකල රීට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම 3 වන දිනටත් මේ වනවිට අභියාචනාධිකරණයේදී සිදු කෙරෙනවා.
ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අද දිනයේ පළමුවෙන්ම කරුණු දැක්වීම ආරම්භ කළ බව Lanka Mag අධිකරණ වාර්තාකරු පැවසුවා.
අභියාචනාධිකරණ සභාපති, විනිසුරු යසන්ත කෝදාගොඩ, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ති්රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සළකා බැලෙනවා.