BREAKING NEWSPOLITICS
ජනපතිවරණවරණය අවලංගු කරන ලෙස ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේපයි

ජනපතිවරණ පැවැත්වීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
ජනපතිවරණයක් පැවැත්වීම සඳහා කල් පිරී නොමැති බවත්, එම හේතුවෙන් ජනපතිවරණයක් පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නීත්‍යානුකූල නොවන බව එම පෙත්සමෙන් දක්වා තිබුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ගාල්ල නගරාධිපති මෙත්සිරිද ද සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඊයේ (03දා) ශ්රේෂ්ධාධිකරණයට ඉදිරිපත් කළේය.