BREAKING NEWSEXCLUSIVE

බදියුදීන් සහ සොහොයුරා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙසේ පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝගය ලබාගෙන ඇත.

පාස්කු ප්‍රහාරයේ ඝාතයින්ට ආධාර අනුබල දීම සහ ඔවුන් සමග සමීප සබඳතා පැවැත්වීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් දෙදෙනා අද (24) අළුයම අත්අඩංගුවටගෙන තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button