BREAKING NEWSEXCLUSIVE

බදියුදීන්ගේ බිරිඳ ඇතුලු 4 දෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක මියයාමේ සිද්ධිය හා ස්ත්‍රී දුෂණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිද ඇතුළු 4 දෙනා පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කරන්න අධිකරණය පොලිසියට නියෝග කළා.

මන්ත්‍රීවරයාගේ නිවසේ තවත් ස්ත්‍රී දුෂණ සිදුවී ඇති බව පරීක්ෂණවලදී හෙළිවුණා.

කොළඹ අලුත්කඩේ අංක 2 අධිකරණයටයි මෙම සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ. මෙහෙකාර දැරිය පිළිස්සී මියයාම, කෘෘරත්වයට පත්කිරීම සහ තැනැත්තන් වෙළෙදාම යන චෝදනා මතයි මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ෂියාබ්දීන් අයේෂා, මාමණ්ඩිය වන මොහොමඩ් ෂියාබ්දීන් හා තැරැව්කරු වන පොන්නයියා පණ්ඩාරම් යන අය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එමෙන්ම මෙම නිවසේ මීට පෙර සේවය කළ විසිදෙවන වියේ පසුවන කාන්තාවක දූෂණය කිරීමේ වරදට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා වන ෂියාබ්දීන් ඉස්මදීන් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2015 – 2019 කාලයේ රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යවරයෙකුව සිටියදී ඔහුගේ නිල නිවසේදී මෙම දූෂණය සිදුව ඇති බව පරීක්ෂණවලදී හෙළිකර ගැණුනා.
ඔවුන් කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඊයේ ඉදිරිපත් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button