BREAKING NEWSEXCLUSIVE

අධිකරණ අමාත්‍යාංශය මුස්ලිම් ප්‍රජාවගේ බහට නටයි…බහු විවාහ හා කාති උසාවි සදහා අවසර

දැඩි කොන්දේසි මත මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ඇතුළු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ තහනම් කිරීමට හා නව නීති හඳුන්වා දීමටත්, කාති උසාවි අහෝසි කිරීමටත් තීරණය කර තිබුණා.

එහෙත් එම තීරණයට මුස්ලිම් ප්‍රජාවගේ වි​රෝධයක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මුස්ලිම් ප්‍රජාවගේ බහු විවාහ නීති දිසා අධිකරණ වෙත යොමු කිරීම නීති ප්‍රමාදයට තවත් හේතුවක් වන බැවින් කාති අධිකරණවල දී නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව අධිකරණ අමාත්‍යාංශයේ අදහසයි.

එලෙස විසඳීමට නොහැකි ගැටලු පමණක් දිසා අධිකරණයට යොමු කළ යුතු බවද අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button