මගේ කාලේ මිනිසුන් සතුටින් ජීවත් වුනා. – හිටපු ජනපති මෛත්‍රී

ගෙවීගිය තමාගේ පාලන කාලය තුළ ජනතාව සතුටින් ජීවත් වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා.
යාපනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ බව සදහන් කලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සමුළුව ඊයේ (20) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය නෙල්ලිඅඩි වඩමාරච්චි ප්‍රදේශයේ කොලින්ස් ක්‍රීඩාංගණයේදී ඉතා විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වුනා.
“හොරකම නැති දූෂණය නැති දේශපාලන නායකයින් සිටින පක්ෂයක් විදිහට අපි මේ පක්ෂය ජනතාවාදිව ඉදිරියට ගෙනයනවා. මේ රටට අවශ්‍ය වන්නේ හොරකමෙන් දූෂණයෙන් තොර පාලනයක්. පසුගිය අවුරුදු 25ක් 30ක් මේ රටේ දේශපාලනඥයෝ හොරකමට පුරුදුවෙලා ජනතාවගේ දේවල් හොරකම් කරනවා, පොදු සම්පත් හොරකම් කරනවා. ඒ නිසා මේ අසරණ පොදු ජනතාවට වැඩකරන නායකයින් අවශ්‍යයි. අපි දන්නවා තමුන්නාන්සේලාට අද ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ තියෙන ප්‍රශ්න මුළු රටේම ජනතාවට තියෙනවා. රටේ විශාල අර්ථික අර්බුදයක් තිබෙනවා. රටේ කෘෂිකර්මාන්තයේ ලොකු අර්බුදයක් තියෙනවා. ගොවි ජනතාවට ප්‍රශ්න රැසක් ඇතිවෙලා තියෙනවා. ගොවි ජනතාවට වැඩකරන්න පොහොර නැහැ. ඒ නිසා කෘෂිකර්මාන්තය ලොකු පහත වැටීමකට ලක්වෙලා තියෙනවා. අපි ඉතාම කණගාටුවෙනවා ඒ තත්ත්වය ඇතිවී තිබීම ගැන. මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසිදෙයක් තිබුණේ නැහැ. රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා. බඩු මිල පහත වැටිලා තිබුණා. ඒ වගේම මුළු ලෝකයේ නායකයින් සියලුදෙනාම මිත්‍ර කරනගෙන තිබුණා. ඒ නිසා මේ රට කරන්න ලෝකයේ සියලුම නායකයෝ මට සහාය දුන්නා.”