BREAKING NEWSEXCLUSIVEPOLITICS

රනිල් සහ පාඨලී එකම වේදිකාවකට, එජාප සත්‍යග්‍රහයට 43 වන සේනාංකයත්..!

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ ”අඳුරු අනාගතය පහන් කරන්නට” නමැති සත්‍යග්‍රහය අද පස්වරුවේ කොළඹ, හයිඩ් පිටියේදී පැවැත්වුනා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භය වුණු අතර ඊට එහි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු එජාප නායකයින් පිරිසක් සහභාගි වී සිටියා.

ඩාර්ලි පාර, විහාර මහාදේවි උද්‍යානය, යුනියන් පෙදෙස හා බ්‍රේබෲක් පෙදෙස සිට සුදු වතින් සැරසුණු සියලු ජාතීන් නියෝජනය කරන ජනතාව නිහඬ පා ගමනකින් හයිඩ් පිටිය වෙත පැමිණ තිබිණි.මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායකයින් මෙන් ම ජනතාව ද පොළොව මත වාඩි වී සත්‍යග්‍රහයේ නිරත වූ බවටයි.

මේ සදහා සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ 43වනක සේනාංකයේ සාමාජිකයින්ද ඒක්ව සිටීම විශේෂත්වයක් වූ අතර, ඔවුන් පවසන්න්වෙ තමන්ට අවශ්‍ය රට පත්ව ඇති අර්බුධයෙන් ‌ගොඩ ගැනීම සදහා තමන්ට හැකි උපරිම සහයෝගය ලබාදීම මිස පටු දේශපාලිනික වාසි නොවන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button