BREAKING NEWSEXCLUSIVE

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව මගී ප්‍රවාහන කටයුතු…

අනිද්දා දින සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කර ගනිමින් සීමාසහිතව මගී ප්‍රවාහන කටයුතු සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සංචරණ සීමා ඉවත් කෙරෙන ලබන 21 වන සඳුදා අලුයම 4 සිට 23 වනදින රාත්‍රී 10 දක්වා ප්‍රධාන මාර්ගවල දුම්රිය 17ක් ධාවනයේ යෙදවීමට තීරණය කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ගාමිණී සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

එසේම, සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ලබන 21,22 සහ 23 යන දින තුනෙහි මැනිං පොදු වෙළදපොළ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කර ඇති බවයි මැනිං වෙළඳ සංගමයේ සහ සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button