BREAKING NEWSEXCLUSIVE
ගිරා රංචුවක් කූඩු කර තිබූ ගිරා පැටවෙකු බේරාගෙන ගිය අරුම පුදුම පුවතක්..

රැනෙන් මිදී සිටියදී අල්ලා කූඩු කර තිබූ ගිරා පැටවකු කූඩු කර මාසයක් වැනි කාලයකට පසුව ඉකුත් 04 වැනදා 20කට ආසන්න ගිරා රංචුවක් කෑ කෝ ගසමින් පැමිණ කුඩුවේ යකඩ කූරු හොටෙන් ඈත් කර කූඩුවේ සිටි ගිරා පැටියා බේරා ගෙන ගොස් ඇත.
ගිරා පැටවා ගෙන යෑමට ගිරා රංචුවට බාධා කිරීමට ගිය ගෙහිමියාට ද රංචුවේ සිටි එක ගිරවකුගේ පහර කෑමකට ලක්වීමට සිදුව ඇත. ගිරා හොටින් ඔළුවට වැදුන පහරකින් ඔහුට සුළු තුවාල සිදුව ඇත.
මීට මාසයකට පමණ පෙර ජාඇල, බටගම ප්රදේශයේ වෙල් යායක වැටී සිටියදී අහුලා ගත් අදාළ ගිරා පැටවා ප්රදේශවාසී පුද්ගලයකු විසින් කූඩු කර ඇති දැඩි කර ඇත. මීට පෙරද කූඩු කර සිටි ගිරවා ළගට ගිරවුන් රංචු පැමිණි බව ද ඒ පුද්ගලයා පවසා සිටියේය.
කවුරුත් පුදුමයට පත්වී තිබුණේ හරියටම අප රටට නිදහස ලැබුණු පෙබරිවාරි 04 වැනිදා දිනකම මේ සිද්ධිය වීමයි.
බී. ටී. කේ. – ජාඇල සහ අතිරේක – ජාඇල