BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහ බැංකුව ගැන හරිහැටි අවබෝධයක් නෑ. – මහ බැංකු අධිපති

රටේ පොලී අනුපාත හා විදේශීය විනිමය අනුපාතයන් තීරණය කිරීමට බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට බව මහත්, එම කාර්යය සඳහා වෙනත් අය මැදිහත් වෙනවාට තමා අකමැති බවත් බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ෆිස්කල් තීන්දු තීරණ ගන්නා ඇතැම් අය මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කිරීමට යාම ගැන තමාගේ කිසිදු පැහැදීමක් නැති බවද කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියා. රටේ ව්‍යවස්ථාවට අනුව මුදල් බලය පාර්ලිමේන්තුවට පැවරී ඇතත් මූල්‍ය ප්‍රතිපත්තිය අදාළ තීරණ ගැනීමේ බලය ඇත්තේ මහ බැංකුවට බවද පැවසූ මහබැංකු අධිපතිවරයා, මේ දිනවල පැවැත්වෙන අය-වැය විවාදයේ දී ඇතැම් මැති ඇමතිවරුන් කරන ප්‍රකාශ දෙස බැලීමේදී පෙනී යන්නේ ඔවුනට මහ බැංකුවේ භූමිකාව සම්බන්ධයෙන් ඇත්තේ අඩු අවබෝධයක් බවද පෙන්වා දුන්නා.

සියලුම මුදල් සම්බන්ධය පාර්ලිමේන්තුවට නොමැති බවත් පාර්ලිමේන්තුව ඇත්තේ මහජන මුදල් සම්බන්ධ බලයක් පමණක් බව ද වීරසිංහ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button