BREAKING NEWSPOLITICS
කරූගේ තීරණයක් – කොරොනා වෛරසයෙන් මන්ත්‍රීවරුන් රැක ගන්න විශේෂ මුඛ ආවරණ පන්දාහක් ආනයනය කෙරේ

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්යමණ්ඩලවලට අධි ආරක්ෂිත මුඛ ආවරණ පන්දාහක් ඇණවුම් කර තිබේ. කථානායක කරූ ජයසූරිය විසින් පාර්ලිමේන්තු අරමුදලින් මෙම කටයුත්ත සිදු කර තිබේ.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැනටමත් උපදෙස් නිකුත් කර ඇත.
එම වෛරසය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය දැක්වෙන උපදෙස් පත්‍රිකාවක් මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට බෙදාදීමටද පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථාන විසින් කටයුතු කරමින් සිටියි