BREAKING NEWS

පාර්ලිමේන්තුවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරන්න යෝජනාවක්

පාර්ලිමේන්තුව කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු යැයි හිටපු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක පවසනවා.

විසුරුවා හරින පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කිසිම අවශ්‍යතාවයක් නොමැති බවත් පාර්ලිමේන්තුව, පළාත් සභා නොමැතිව මේ වන විට රජය විසින් සාර්ථකව රාජ්‍ය පාලන කටයුතු සිදු කරන බවත් හිටපු අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා දිනකට රුපියල් ලක්ෂ 70ක පමණ මුදලක් වියදම් වන බවත්, එම මුදල නාස්ති නොකර කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පාර්ලිමේන්තුව පත්කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button