BREAKING NEWSEXCLUSIVE
පාර්ලිමේන්තුව විසිරවීමට සුදානම් – පැය 48කින් භාරකාර ආණ්ඩුවක්

වත්මන් පාර්ලිමේන්තු සැසිය අනිද්දා දිනයේදී විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලු කටයුතු සූදානම් කර තිබේ.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටද සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.
ඉන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය පමණක් ඇති භාරකාර ආණ්ඩුව ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.
එවැනි භාරකාර ආණ්ඩුවකදී බලතල පැවරී ඇත්තේ කැබිනට් ඇමතිවරුන්ට පමණක් වන අතර රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගේ බලතල අහෝසි වෙයි.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් එළඹෙන 05 වැනිදා සියලුම තේරීම් භාර නිලධාරීන් කොළඹට කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.