BREAKING NEWSEXCLUSIVE

ගුරු වර්ජනයට එරෙහිව දෙමාපියන් නැගී සිටියි..

ජනතාව ප්‍රතික්ෂේප කළ බංකොලොත් දේශපාලන පක්ෂවල න්‍යායන්ට රටේ අධ්‍යාපනය හසුරවන්න ඉඩ ලබා නොදෙන ලෙස දරුවන්ගේ අධ්‍යාපනය සුරුකීමේ ගුරු දෙමව්පිය එකමුතුව රජයෙන් ඉල්ලා සිටිනවා.

දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිවාසිකම උදුරා ගැනීමට උත්සහ දරමින් සිටින බැවින් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් හැකි ඉක්මනින් පාසල් ඇරඹීමට කටයුතු කරන ලෙසත් ඔවුන් තව දුරටත් ඉල්ලා සිටියා.

අද විශේෂ මාද්‍ය හමුවක් පවත්වමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.

මේ අතර ලෝක ගුරු දිනය යෙදෙන ඔක්තෝම්බර් 6වනදා සිට රට පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය කියා සිටියා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ කුමන බාධා පැමිණියද සිය වෘත්තිය ක්‍රියාමාර්ග අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවයි.

මේ වන විටත් ඔවුන් දින 84ක් සාර්ථකව වර්ජනය නිරත වන බව පෙන්වා දෙන ස්ටාලින් මහතා පවසන්නේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසලට ගෙන්වාගැනීමට පෙර මෙම ගැටලුව විසඳා දෙන ලෙසයි. එසේ නොවුණහොත් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 ම ඉලක්ක කරගෙන විශාල උද්ඝෝෂණ මාලාවක් පවත්වන බව ඔහු පවසනවා.

කෙසේ වෙතත් මේ වන විටත් මහජන ඒකරාශීවීම් සහ උද්ඝෝෂණ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී නොමැත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button