BREAKING NEWSEXCLUSIVE
රට පුරා වෙලඳසැල්වල දිගු පෝලිම්!

අද රාත්‍රී 6 සිට දිවයින පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමග රට පුරා නගර ගණනාවකම වෙලඳසැල් ආශ්‍රිතව දැඩි තදබදයක් ඇතිවී තිබේ.
ජනතාව අත්‍යවශ්‍ය පාරිභෝගික මිලදී ගැනීම සඳහා පැමිණීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇත. ඇතැම් වෙලඳසැල් ආශ්‍රීතව දීර්ග පෝලිම් තත්වයක්ද ඇතැයි වාර්තා වෙයි.
අද පස්වරු 06.00 සිට දින සදුදා පෙරවරු 06.00 තෙක් රජය විසින් පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.