BREAKING NEWSEXCLUSIVE
පානදුර මහපාරේ වෙඩි තැබීම ගැන තවදුරටත් විමර්ශන – වෙඩි වැදී මිය ගොස් ඇත්තේ පානදුරටම කුඩු බෙදූ කුඩු රජෙක්!

පානදුර – පල්ලිමුල්ල ප්‍රදේශයේදී පසුගිය සඳුඳා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ තොරතුරු රැසක් මේ වනවිට පොලීසිය අනාවරණ කර ගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීමට හේතුව මුදල් ආරවුලක් බවට හෙළිව ඇති අතර, මියගිය 32 හැවිරිදි පුද්ගලයා කලක සිට සිය බෝට්ටුවෙන් පානදුර ප්‍රදේශයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව ද අනාවරණ වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් ඇති වූ මුදල් ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය සිදුව ඇති අතර, සිද්ධියට සම්බන්ධ යතුරුපැදියේ පැමිණි වෙඩික්කරු සහ යතුරුපැදිය පදවා ගෙන පැමිණි පුද්ගලයා සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.
මේ වනවිට මියගිය පුද්ගලයා ගමන් ගත් ත්‍රිරෝද රථයේ සිටි අයෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.