BREAKING NEWSEXCLUSIVE

ජනාධිපති ගෝඨාභයගේ තීරණයකට එරෙහිව පාක්‍යසෝති සරවනමුත්තු ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසමට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයේ තිරය පසුපස ප්‍රබලයෙකු වූ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම සගයෙකු වන පාක්‍යසෝති සරවනමුත්තු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි 22දා ගැසට්පත්‍රය මගින් පත් කරන ලද පරීක්ෂණ කොමිසම නීති විරෝධී බව එමඟින් පාක්‍යසෝති සරවනමුත්තු සඳහන් කරයි.

එම කොමිසම පත් කරන ලද්දේ යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ දේශපාලන හිංසනය සම්බන්ධයෙන් චෝදනා විමර්ශනය කිරීම සඳහායි.

මෙම පරීක්ෂණ කොමිසම විසින් අදාළ ගැසට් පත්‍රයේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා දරන ඕනෑම උත්සාහයක් ව්‍යවස්ථා විරෝධී බවත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් කියා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button