EASTINTERNATIONAL NEWS

“මෙහෙයුමකට අපිට සම්පත් නෑ” වුහාන්හි සිරවී සිටිනා පාකිස්තානුවන් මුදවා නොගැනීමට පාකිස්තානයෙන් තීරණයක්

චීනයේ වූහාන් නගරයේ රැඳී සිටිනා පාකිස්තාන සිසු සිසුවියන් වුහාන් නගරයෙන් ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු නොකිරීමට ඉම්‍‍රාන් ඛාන්ගේ  පාකිස්තාන රජය තීරණය කර තිබේ.

ඒ එවැනි ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කිරීමට අවශ්‍ය සම්පත් හෝ මෙහෙයුම සාර්ථක වේදැයි විශ්වසනීයත්වයක් නොවීම සහ චීන රජයට මිත්‍රත්වය පෙන්වීමක් හේතු කොටගෙන බව වාර්තා වේ.

වූහාන් නගරයේ පකිස්තාන සිසු සිසුවියන් 500ක පමණ පිරිසක් රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හැකි ඉක්මනින් තම පිරිස යළිත් මවුරටට ගෙන්වාගන්නා ලෙස චීනයේ වූහාන්හි සිරවී සිටිනා එම පකිස්තාන සිසු සිසුවියන් සමාජ ජාලා ඔස්සේ දිගින් දිගටම ඉල්ලීම් කරමින් සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button