BREAKING NEWSEXCLUSIVE

මැතිවරණයට ඉදිරිපත් වන්නේ පොහොට්ටුවෙන්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් – ඕෂධි

තමන් මීළඟ මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණෙන් තරග වදින බව රංගණ ශිල්පිනි ඕෂධි හේවාමද්දුම සඳහන් කරනවා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් 2010 වසරේ සිටම ක්‍රියාකාරී දේශපාලනයේ නියැලි බවත් එම නිසා තමන්ට එල්ලවන විවේචන අදාළ නොවන බවත් ඇය ප්‍රකාශ කරනවා.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට කැප වූ වියත්මග සංවිධානයේ පළමු සාමාජිකයන් දස දෙනා අතර තමන් ද සිටින බව ඇය සඳහන් කරන්නීය.

ඇය මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button