BREAKING NEWSEXCLUSIVE

“මේ පරම්පාරාවෙදි නම් විපක්ෂය ආයෙත් බලයට එන්නෙ නෑ” බැසිල් කුරුණාගල දි කියයි…

ඉදිරි වසර 3 තුළ ජනතාවට දිය යුතු සියලු සහන ලබාදෙන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) කුරුණෑගල නව ප්‍රාදේශීය සභා කාර්යාල ගොඩනැගිල්ල විවෘතකිරීම සදහා පැවති උත්සවයකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

කවුරුන් කුමන චෝදනා සිදු කළද මේ වසර අවසානයට පෙර සියලු ණය ගෙවා දමන බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා,

‘මේ අවුරුද්දේ පමණක් අපිට සමස්ත ණය ප්‍රමාණය සහ පොලිය ඇමරිකන් ඩොලර් බිලියන 6.9. මම මේ රටේ ජනතාවට අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් ගරු අමාත්‍යතුමා වෙනුවෙන් මම සහතික වෙනවා හැම ඩොලර් එකක් අපිට හැම දෙයක්ම අපි මේ වර්ෂයේ
අපිට සමස්ත ණය ප්‍රමාණය සහ පොලිය ඇමරිකන් ඩොලර් බිලියන 6.99 විතරක් මම මේ රටේ ජනතාවට අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙනුත් ගරු අග්‍රාමාත්‍යතුමා මම සහතික වෙනවා හැම ඩොලර් එකක්ම මේ වර්ෂයේ ගෙවනවා ගෙවනවාමයි.ඒකට අපිට ශක්තියක් තියෙනවාේක වගකීමෙන් කියන්නේ. හැබැයි මම ඉල්ලනවා විපක්ෂයෙන් ණය ගෙව්වෙ නැත්තන් බනින්න.මේ පරම්පාරාවෙදි නම් ආයෙත් බලයට එන්නෙ නෑ ජොන්ස්ටන් ඇමති තුමාලා ඉන්නකල්.හැබැයි වෙන පරම්පරාවක හරි බලයට එනකොට ණය නැති රටක් භාර දෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අධිෂ්ඨාන කරගෙන තියෙනවා කියන එක අපි කියන්න ඕනි.”

අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button