BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා නොදීමෙන් අපේ වරප්‍රසාද කඩ වෙලා. – විපක්ෂ මන්ත්‍රීවරු කතානායකවරයාට කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි තීරුබදු රහිත වාහන බලපත්‍ර තවමත් ලබාදී ප්‍රකාශ කල විපක්ෂ මන්ත්‍රීවරුන්, එයින් වරප්‍රසාද කඩ වී ඇත්තේ විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන තමන්ගේ බව ඔවුන් කතානායක වරයාට ඊයේ චෝදනා කර ඇත.

ඒ පාර්ලිමේන්තුවේ පවතින වත්මන් ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ඊයේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවේදීය.

දුරබැහැර ප්‍රදේශවල ජීවත්වන ජනතාව ගැටළු රාශියකට මුහුණ දෙන බවත් ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රවාහන පහසුකම් නොමැති බවත්, විපක්ෂ නායකතුමා ට ඒ සියලු කටයුතු තනිවම කල නොහැකි බවත් විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

එහිදී කථානායකවරයා ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රමාදය රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදය නිසා සිදුවූ බවත්, ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන්ට හැර අනෙකුත් මන්ත්‍රීවරුන්ටත් මෙම ගැටලුව ඇති බවත් අනියමින් වාහන ලබාගෙන ඇති බවට වාර්තා නොවන බවත්ය. වර්තමානයේ ජනතාව ඉතාමත් අපහසුවෙන් ජීවත් වන බැවින් එවැනි තත්ත්වයක් යටතේ වාහන බලපත්‍ර ලබාදීම පෞද්ගලිකව තමන්ද අනුමත නොකරන බවත් තවත් වසරක කාලයක් වත් මේ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් කථානායකවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button