BREAKING NEWSEXCLUSIVE
විපක්ෂ නායක ධූරය රනිල්ටම – කරූ තීරණය කියයි

මීළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධූරය එජාප නායක රනිල් වික්‍රමසිංහට ලබා දෙන බව කතානායක කරු ජයසූරිය සඳහන් කරනවා.
ට්විටර් පණිවිඩයක් මගින් ඔහු සඳහන් කරන්නේ එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂ නායකයා ලෙස පිළිගැනිමට පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව තමන්ට සිදුවන බවයි.
පක්ෂ අභ්‍යන්තර ගැටලු ඒ පක්ෂ තුළම විසඳා ගත යුතු බවද සඳහන් කරන ඔහු දැනටද එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ බව ද සඳහන් කරයි.