BREAKING NEWSEXCLUSIVE

විපක්ෂ නායක පුටුවට රනිල් – සජිත් යළිත් ගැටෙයි, කථානායක කරුගෙන් අකිලට තවත් ලිපියක්.!

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට යළිත් බෙදීමක් ඇතිවී තිබෙනවා. ඒ එජාප නායක රනිල් වික්‍රමසිංහ හා පසුගිය ජනපතිවරණයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතරයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කථානායක කරූ ජයසූරිය සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක තනතුර  ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 57 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලිපියක් ඊයේ (27දා)  කථානායක කරු ජයසූරිය වෙත ලැබුණ බවයි.

එම මන්ත්‍රීවරුන් විසින් කර ඇති ඉල්ලීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අවධානය යොමු කරවන ලද ලිපියක්, ආදාළ අත්සන් 57 සහිත ලිපියේ පිටපතක්ද සමඟ මේ වන විට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වෙත  කථානායක කාර්යාලය මඟින්යො මු කර ඇති බවත් එම කාර්යාලය පෙන්වා දෙයි.

එමඟින් කථානායකවරයා දන්වා ඇත්තේ ඉහත කී මන්ත්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද  අවධානය යොමුකොට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම් දෙන ලෙසයි.

මේ වන වි‍ට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කොට අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණය තමා වෙත  නිල වශයෙන් දැනුම් දුන් පසුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය පරිදි කථානායකවරයා විසින් ඒ පිළිබඳව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුව පමණක්  විපක්ෂ නායක ධුරය නිල වශයෙන් බලාත්මක වනු ඇති බවත් කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button