BREAKING NEWSEXCLUSIVE

පාස්කු ප්‍රහාරය ගැන හෙළි නොවූ කරුනු කියන්න විපක්ෂය කතෝලික රදගුරු සමුළුව හමුවට

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂයට ලැබී ඇති තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා කතෝලික රදගුරු සමුළුව වෙත ලිපියක් යොමු කොට තිබෙනවා. එමඟින් ඔහු ඉල්ලා ඇත්තේ පසුගිය කාලයේ විපක්ෂය පාර්ලිමේන්තුව සහ ඉන් පිටතදී මේ සම්බන්ධයෙන් අනාවරණ කළ සුවිශේෂී කරුණු පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙසයි.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ බිරිඳවන සාරා ඉන්දියාවට පලාගොස් ඇති අතර, ඇගේ සාක්ෂිය ප්‍රහාරයේ සුලමුල සොයාගැනීමේදී අතිශය වැදගත් බව අදාළ ලිපියෙන් දක්වා ඇති අතර,  සම්බන්ධයෙන් සහ ප්‍රශ්නගත තොරතුරු පිළිබදව ප්‍රශ්න කරන විට ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

එම නිසා අදාළ කරුණු පිළිබඳව සමස්ත රදගුරු මණ්ඩලය සමඟ තොරතුරු සහ සාක්ෂිද සහිතව සාකච්ඡා කිරීමසඳහා විපක්ෂයේ ප්‍රධාන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට සුදුසු දිනයක් සහ වේලාවක් කඩිනමින් ලබාදෙන මෙන් ඔහු වැඩිදුරටත් එම ලිපිය මගින් සදහන් කර තිබෙනවා. නමුත්, ඔවුන්ට ඒ සදහා අවස්ථාවක් ලබා දෙනවාද නැද්ද යන්න කතෝලික රදගුරු සමුළුව විසින් මේවනතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button