BREAKING NEWSEXCLUSIVE

තෝරාගත් ආර්ථික මධ්‍යස්තාන කිහිපයක් විවෘත කරයි

තෝරාගත් ආර්ථික මධ්‍යස්තාන කිහිපයක් අද අළුයම සිට විවෘත කෙරුණා.

පෑලියගොඩ මැනිං වෙළද පොල සහ දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොල, වේයන්ගොඩ, මීගොඩ යන ආර්ථික මධ්‍යස්ථාන මෙලෙස අද අලුයම විවෘත කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

මැනිං වෙළදපොලේ එළවළු තොග මිල සීග්‍ර ලෙස අද දිනයේදී ඉහළ ගොස් තිබුණා.

මේ, පෑලියගොඩ මැනිං වෙළදපොලේ අද පැවති එළවළු මිල ගණන් පිළිබද නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ රාගම එළවළු තොග ව්‍යාපාරිකයෙක්.

පෑලියගොඩ මැනිං වෙළදපොලේ එළවළු මිල ගණන් සම්බන්ධයෙන් මාෆියාවක් ක්‍රියාත්මක වන බවටයි ඔහු චෝදනා කළේ.

පෑලියගොඩ මැනිං වෙළදපොලේ අද පැවති තත්ත්වය පිළිබද නෙත් නිවුස් සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළද සංගමයෙන් විමසීමක් කළා.

එම සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන සදහන් කළේ මෙවැනි ඉහළ මිල ගණන් යටතේ එළවළු තොග මැනිං වෙළදපොල වෙත ගෙනඒම පිළිබදවද සිය සංගමයද විරෝධය පළ කරන බවයි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙතද අද දිනයේදී ලක්‍ෂ 70 ක් ඉක්මවු එළවළු තොග ලැබී තිබුණා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද එළවළු තොග මිල ඉහළ මට්ටමක පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර පැවසුවේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button