BREAKING NEWSEXCLUSIVE

ඔන්ලයින් ගුරු වර්ජනය අඛණ්ඩව

ලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් 14ක් එක්ව ක්‍රියාත්මක කරන සියලුම ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛන්ඩව ඉදිරියට සිදුකරන බව ගුරු වෘත්තීය සමිති පවසනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය දැක්වීමේදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනය කිරීමට විරෝධය පළ කරමින් ගුරු වෘත්තීය සමිති මෙම වර්ජනය ඊයේ ආරම්භ කළා.

අද දෙවන දිනටත් මෙම වර්ජනය ක්‍රියාත්මක වුව ද ඇතැම් ප්‍රදේශවල ගුරුවරුන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදුකර ඇති බව ද, වාර්තා වනවා.

එහෙත්, ප්‍රදේශ රැසක ගුරුවරුන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button