BREAKING NEWSEXCLUSIVEPOLITICS

ඔන්ලයින් වර්ජනය තවදුරටත්

ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු වෘත්තිය සම්ති 14 ක් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද 6 වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පැවති උද්ඝෝෂණයක් අතරතුර අත්අඩංගුවට ගෙන නිරෝධායනය කළ වෘත්තීය සමිති සාමාජිකයින් ඊයේ මුදා හැරුණද තම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ගුරු සංගම් ප්‍රකාශ කරන්නේ.

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනා මත වෘත්තීය සමිති නායකයින් අනීතිකව රඳවාගෙන ඇතිබවට චෝදනා කරමින් පසුගිය දින කිහිපයේම ගුරු සංගම් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුණා.

කෙසේ වෙතත්, මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට යොමුකර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් ඇතුළු 16 දෙනා ඊයේ  පස්වරුවේ මුදා හැරීමට කටයුතු කර තිබුණා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් පිළිගැනිමේ උත්සවයක් ද අද කොළඹ දි පැවැත්වුණා.

මේ අතර ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් අතර, සාකච්ඡාවක් අද පැවත්වුණා.

ගුරු වෘත්තීය සමිති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වී ක්‍රියාත්මක කරන මෙම වර්ජනය  හේතුවෙන් මෙවර විභාග වලට පෙනී සිටීමට නියමිත දරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

කෙසේ වෙතත්, දරුවන් මුහුණදෙන දුෂ්කරතා අවම කර, විවිධ දුෂ්කරතා මැද ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් ද රට පුරා විසිරී සිටින බව සඳහන් කළ යුතුයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button