රංජන්ගේ හඬ පට පොලිසියට දුන් ත්‍රී රෝද රථ රියදුරුට ලක්ෂ 10 ක තෑග්ගක්

ආන්දෝලනාත්මක කතාබහකට ලක්ව තිබෙන හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ දුරකථන හඬපට තොගය හෙළි කිරීමට මුල් වූ ත්‍රිරෝද රථ රියදුරුට තම සංගමය විසින් රුපියල් ලක්ෂ දහයක තිළිණයක් පිරිනැමීමට ක්‍රියා කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ප්‍රකාශ කරනවා.
මෙම ත්‍රිරෝද රථ රියෑදුරු තම සංගමය හමුවට පැමිණියහොත් පොලිසියේ පවා උපදෙස් ලබාගෙන එම මුදල් ත්‍යාගය පිරිනමන බවයි ඔහු සඳහන් කළේ.
එසේම ත්‍රිරෝද රථ රියදුරන් පිළිබඳව ඇති වැරදි ආකල්ප මෙම රියදුරාගේ ක්‍රියාව නිසා බොහෝ දුරට මැකී යන බවත්,ඒ හේතුව නිසා රටේ සැඟවී තිබූ විශාල නීති විරෝධී ක්‍රියා හෙළි වෙමින් පවතින් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එසේම කිසියම් මගියකු විසින් ත්‍රිරෝද රථයේ අමතක කර දමා ගිය මෙම හඬපට තොගය පොලිසියට භාරදුන් රියදුරු පොලිසියේ උපදෙස් ලබාගෙන තම සංගමය වෙත පැමිණීම වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළා.