ලොව පුරා කොරෝනා වෛරස ආසාධිතයින් මිලියනය ඉක්මවයි

ලොව පුරා කොරෝනා වෛරස ආසාධිතයින් ගනන අද මිලියනය ඉක්මවා ගියා.මේ වන විට ලොව පුරා කොරෝනා වෛරස ආසාධිතයින් 1,000,829ක් වාර්තා වී ඇති අතර, ආසාදනය වී ජීවිතයෙන් වන්දි ගෙවූවන් ගනන 51,356ක් සහ සුව වීම් 210,199ක් ලොව පුරා වාර්තා වනවා.මෙයින් වැඩියෙන්ම පීඩා විදින්නේ ඇමරිකානුවන්.ඇමරිකාවෙන් රෝගීන් 235,747ක් වාර්තා වන අතර 5620ක් මේවන විට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ඒ සමගම සුව වීම් 10324ක් පමනක් වාර්තා වනවා.මෙයින් මෙතෙක් අධිකව පීඩා විදි ඉතාලියේ රෝගීන් 115242ක් වාර්තා වන අතර 13915 දෙනෙක් ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා.ස්පාඤ්ඤයේ කොරෝනා වෛරසය ආසාධිතයින් 110238ක් වාර්තා වන අතර 10096කගේ ජීවිත බිලිගැනීමට CovID-19 වෛරසය සමත්ව තිබෙනවා.ගෙවී ගිය පැය විසි හතරේදී පමනක් පිළිවලින් ඇමරිකාවෙන් රෝගීන් 20744ක් සහ මරණ 518,ඉතාලියෙන් රෝගීන් 4088ක් සහ මරන 760 සහ ස්පාඤ්ඤය්න් රෝගීන් 6120ක් සහ මරණ 709ක් වාර්තා වුනා. කොරෝනා වෛරසය හටගත් චීනය පරයා යමින් යුරෝපා මහද්වීපය පුරාවට කොරෝනා වෛරසය මගින් හකුලා ගන්නා බව පසක් කරමින් ජර්මනිය චීනය අබිබවා ගියා චීනයේ මේ වන විට රෝගීන් 84264ක් වාර්තා වී ඇති අතර 1074ක් ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ගත වූ පැය 24 තුලදී මහ බ්‍රිතාන්‍ය යෙන් කොරෝනා ආසාධිතයින් 544 දෙනෙකු ජීවිතයෙන් වන්දි ගෙවූ අතර 33718ක් දක්වා මුළු රෝගීන් සංඛාව ඉහල ගියා.ලොව පුරා රටවල් සහ දූපත් 204ක මිනිසුන්ගේ ජීවිත තුල අස්ථාවරත්වයක් ඇති කිරීමට කොරෝනා වෛරසය දැඩිව බලපා තිබෙනවා.රජයෙන් සහ සෞඛ්‍ය අංශ වලින් ලැබෙන උපදෙස් නිවැරදිව පිලිපදිමින් කොරෝනා වෛරසය පාලනයට උපකාර වන මෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.