BREAKING NEWSEXCLUSIVE

ගෑස් සංයුතිය නිසා අනතුරු වුනොත් මිලියනයක් වන්දි..

ගෑස්වල ප්‍රමිතිය හේතුවෙන් යම් හෙයකින් අනතුරුදායි සිදුවීමක් වාර්තා වුවහොත් එක්පුද්ගලයෙකුට රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම එකඟ වී ඇති බව ලිට්රෝ ගෑස් සමාගෙමේ සබාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි පවසනවා.

ඊයේ (20) පැවති විශේෂ මාද්‍ය සාකච්ඡාවක් අමතමින් ලිට්රෝ ගෑස් සභාපතිවරයා ලිට්රෝ ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වෙනසක් නැති අතර, ඒ පිළිබඳ විදේශ විශේෂඥ ආයතනවල ද නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ගෑස් භාවිතයේ දී ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් කියා සිටියා.

එමෙන්ම ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ SLS සහතිකය සහිත නිර්දේශ දැන් නිකුත් වී ඇති අතර, ද්‍රව ගෑස් සංයුතිය බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක සම්මිශ්‍රණයකි. අද සිට “Propane Max 30% Vol” ලෙස ගෑස්සිලින්ඩරයේ මුද්‍රිතව ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා කියා සිටියා.

ගෑස් උදුන් සඳහා භාවිතා කරන රෙගියුලේටරය ඇතුළු උපාංග ප්‍රමිතියෙන් තොර බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බවත්, ඉදිරි මාස 03 ඇතුළත ප්‍රමිතියෙන් යුත් උපාංග ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවත් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළා.
ඉදිරියේ දී එම උපකරණවල ප්‍රමිතිය පිළිබඳ වගකීම ද ප්‍රධාන ගෑස් සමාගම් දෙක වෙත පැවරීමට අපේක්ෂා කෙරෙන බවත් සදහන්..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button