BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ඔමික්‍රොන් මෙරට පැතිරීම වැළැක්වීමේ වැඩි වගකීම ජනතාවට

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් කොවිඩ් 19 ඔමික්‍රොන් ප‍්‍රභේදය මෙරට පැතිරීම වැළැක්වීම සඳහා ජනතාවට වැඩි වගකීමක් පැවරෙන බව, සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මේ වනවිට මෙරටින් ඔමික්‍රොන් ආසාදිත කාන්තාවක් හඳුනාගෙන ඇති බැවින් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රධාන කොවිඩ් 19 සම්බන්ධීකාරක හා වෛද්‍ය තාක්‍ෂණික සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසනවා.

දකුණු අප්‍රිකානු කොවිඩ් 19 ඔමික්‍රොන් ප‍්‍රභේදය වැළඳී ඇති බවට හඳුනාගත් මාරවිල, තලවිල ප‍්‍රදේශයේ කාන්තාව, ඇගේ ස්වාමිපුරුෂයා සහ සමීප ආශ‍්‍රිතයින් 06 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එම ආශ‍්‍රිතයින් 06 දෙනා අද PCR පරීක්‍ෂණවලට ලක්කිරීමට නියමිත අතර, ඔවුන් ආසාදිතයින් බවට පත්වුවහොත් එම සාම්පල ජාන විශ්ලේෂණ පරීක්‍ෂාවට යොමුකිරීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.

අදාළ කාන්තාවගේ ආශ‍්‍රිතයින් තවදුරටත් හඳුනා ගනිමින් ඔවුන් නිරෝධායනයට ලක්කිරීමට ද කටයුතු කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

ඔමික්‍රොන් වෛරසය මෙරටට තවදුරටත් ඇතුළුවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි, සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button