BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ඔමික්‍රොන් දකුණු අප්‍රිකාවේ එකක් නෙමෙයි

වර්තමානයේ කථාබහට ලක්වන “ඔමික්‍රෝන්” කොවිඩ් වෛරස ප්‍රභේදය සොයා ගැනීමට දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් මුල්වුවද එහි ප්‍රභවය දකුණු අප්‍රිකාව නොවන බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා මහතා පවසයි.

මෙය දකුණු අප්‍රිකාවෙන් මුලින්ම වාර්තා වූ බවට පැතිරෙන මතය සාවද්‍ය බවද මහකොමසාරිස්වරයා පැවසීය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීමට ඊයේ පාර්ලිමේන්තුවේදී එක්වෙමින් මහ කොමසාරිස්වරයා මේ බව පැවැසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button