BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
ඔමික්‍රොන් අතිභයානකයි! හැදිලා සුව වුණත් රස-සුවඳ නැති වෙනවා! බේරෙන්න එක ක්‍රමයයි තියෙන්නේ!

කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය අති භයානක බවත් එය වැලදී සුව වූ අයට දරුණු දිගුකාලීන රෝගාබාධ ඇති වන බවත්, අමතක වීම, රස සුවඳ නැති වී යාම ඒ අතර වන බවත් ජෝන් හොප්කින්සන් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පවසයි.
ඒ හේතුවෙන් එන්නත ලබා ගත යුතුම බවද පවසන ඔහු එන්නතට එරෙහි වන්නන් සන්ධානාත්මක කුමන්ත්රණකරුවන් බවද හෙතෙම කියා සිටී.
ලංකාවේ එන්නත් විරෝධී ව්‍යාපාර රාජ්‍ය නොවන සංවිධාන විසින් සල්ලිවලට කරන වැඩක් බවද ඒ මහතා කියා සිටියේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.