BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

“ඕමික්‍රෝන් වලට එරෙහිව සංචරණ සීමා වැඩි කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ” – වෛද්‍ය හේමන්ත හේරත්

OMICRON COVID-19 ප්‍රභේදයෙන් රට ආරක්ෂා කිරීමට සංචාරක සීමාවන් වැඩි කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

පවතින COVID-19 අර්බුදය හමුවේ නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් සහ මාර්ගෝපදේශ අනුගමනය කිරීම අඛණ්ඩව අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.

OMICRON නම් නව ප්‍රභේදය මේ වන විට රටවල් 20කට අධික ප්‍රමාණයකින් හඳුනාගෙන ඇති බවත්, එම රටවලින්ද ශ්‍රී ලංකාවට පැමිණෙන පිරිස් සිටින බවත් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හේරත් මහතා සඳහන් කළා.

ගුවන්තොටුපළේදී හඳුනාගත් සැකකටයුතු COVID-19 රෝගීන් OMICRON COVID-19 තිබේදැයි පවතින බවට තහවුරු කිරීම සඳහා ජාන පරීක්ෂණවලට භාජනය කරන බවයි ඔහු පැවසුවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button